Monday, January 17, 2011

චණ්ඩි ජනූගෙ ඉදල් පාර......!





චූටි පුතා..... නැගිටින්ඩ.... කෝ ... කෝ නැගිටින්ඩ... අද ඉස්කෝලෙ යන්ඩ ඕනෙ නෙ....?
අම්ම එහෙම කිව්ව ගමන් ජනූ නැගිටල ඇඳේ ඉඳගත්ත.
යං .... කිරි බීල ඉක්මනට ලෑස්ති වෙන්ඩ.
තාත්තට වඩාගන්ඩ කියන්ඩ.....
මොනව වුණත් තමන්ගෙ දින චර්යාව වෙනස් කරන්ඩ නම් ජනූ ලෑස්ති නෑ.
අම්ම තාත්තට කතා කළා.....
තාත්ත ආවාම ජනූ පැන්න ගමන් රිලා පැටිය වගේ තාත්තගෙ ඇඟේ එල්ලුනා.
මෙන්න බොලව් අපගේ බලු පුතුනා
මේකා නම් මහ නරක බල්ලෙකිය
මේ බල්ලා කොහි සිට ආවේ
මේකා අපායෙ ඉඳ ආවේ
හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා
මේකට දෙක තුන ගහපන්නේ....‍.
ඉතින් ඔන්න තාත්ත ඇවිත් ජනූව වඩාගෙන සුපුරුදු කවිය කිය කියා.... කුස්සිය පැත්තට එක්කගෙන ගියා.
අපෝ... නාකි හුරතල්.... ඔන්න කකුල් දෙකත් බිම ගෑවෙනව....
කුස්සියෙ උයන ගමන් හිටපු ආච්චි අම්මත් හිනා වුණා.
තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන කිරි බීල ජනූ අම්මත් එක්ක මූණ සෝදන්න ගියා.
වෙනද දත් මදින්න බෑ කියල බිම පෙරලෙන ගෑනි අද සද්දයක් නැතිව අම්මට දත් මද්දවන්න ඉඩ දුන්න.
කාමරේ ඇඳ උඩ පුංචි යුනිෆෝම් එකකුයි හතරැස් ගැටයක් දාලම තියෙන පිටිපස්සෙන් ටික් එකක් හයි කරල තියෙන නිල් පාට ටයි එකකුයි ජනූ එනකල් හිනා වෙවී බලන් හිටිය.
අම්ම ලෑස්ති වෙලා ජනූට අන්දවන්න එනකල්ම ජනූ අම්මගෙන් එක එක විදියෙ ප්‍රශ්න ඇහුව
මං යන්නෙ මොන ඉස්කෝලෙටද අම්මෙ?
ජනූ  ඒ ප්‍රශ්නෙ ඇහුවෙ සිය වෙනි වතාවට විතර
කණිෂ්ටෙට...
අම්ම ඉන්නෙ ඒ ඉස්කෝලෙ නෙවෙයිද?
ඒක ඇහුවෙත් පණස් වෙනි පාරට විතර
ඉස්කෝලෙත් තියෙනවද අම්මෙ පියානෝ එකක් ආන්ටි ඊව්ගෙ වගේ?
 කලබලේ ඔසරිය අඳිමින් උන්න නිසා සමහර ඒව අම්මට ඇහුණෙත් නෑ. සමහර ඒවට ඔවු නෑ බෑ උත්තර.
කානේශයි පියුමියි හිරානුයිත් යන්නෙ මම යන ඉස්කෝලෙටමද?
එතකොට සමීර මල්ලි???
එයා තාම මොන්ටිසෝරියෙනෙ පුතේ, එයා ඉස්කෝලෙ යන්නෙ ලබන අවුරුද්දෙ...
ආ.... ඒ ඇයි එයා තාම මොන්ටිසෝරියෙ??
එයා ඔයාලට වඩා බාල නිසා...
ඒ ඇයි අපිට වඩා බාල.....?
දැන් නම් ජනූට හිතෙන්නෙ ඔය වගේ ප්‍රශ්න අම්ම හිතා මතාම මග අරින්න ඇති කියල උත්තර නොදී.... මොකද හැම උත්තරයකම කොණක් හොයාගෙන අහන්න ප්‍රශ්නයක් තියෙන ජනූට උත්තර දීල කොහෙන් පිරිමහන්ඩද.....?
අම්ම විගවිගහිං සූදානම්වෙලා පුංචි ජනූව ලෑස්ති කළා...
සුදු ගවුම ඇඳල, පුංචි ටයි එකක් දාල, සපත්තු දාල පුංචි කොන්ඩ කෑලි දෙකකුත් දාල අම්ම ජනූගෙ හැඩ බැලුව
ජනුත් කන්නාඩියට උස නැති නිසා ඇඟිලිවලින් ඉස්සි ඉස්සි හැඩ බැලුව
පරක්කු වෙනව නේද දුවේ.... කිරිබත් ටිකක් කවල පිටත් වෙන්ඩ ලෑස්ති වුණා නං....
ආච්චි අම්ම කිව්ව
ඔන්න ඉතිං අම්මයි තාත්තයි දෙන්න ජනූට කිරිබත් කවලා ජනූව එක්කගෙන ඉස්කෝලෙට ගියා.
බාලාංශ පන්තිය ලඟ කිරි පාටට පුංචි පැටවු අම්මලගෙ අතේ එල්ලිලා ඉන්නව....
සමහරු අඬනව.... තව සමහරු රණ්ඩු කරනව.
ජනූට හම්බෙලා තිබුබෙ 1 වසර ඒ පන්තිය.
අම්මයි තාත්තයි දෙන්න එක්ක ජනූ පන්තිය ලඟට යනකොට එක වසර ඒ පන්තිය බාර ටිකිරි ටීච  දොර ලඟම ඉඳල අම්මයි තාත්තයි එක්ක කතා කරන ගමන්ම ජනූගෙ අතින් අල්ලගත්ත. අම්ම කලින්ම කියල දීල තිබුණ මොන්ටිසෝරියෙදි වගේ ආන්ටි කියල එහෙම කියන්න එපා ටිචලට කියල. ඉතිං අම්ම ජනූට හාද්දක් එහෙම දීල ඈත් වුණා.
හා.....අපි යං පුතේ පන්තියට. පුතාටත් අම්මට වගේ ලස්සනට කවි සින්දු කියන්ඩ පුලුවන් නේද?
ජනූ හිතුවෙවත් නෑ අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉස්කෝලෙ යන එක ඒ තරම් ලේසි වෙයි කියල.
අම්මලගෙ ඇඟේ එල්ලිලා අඬ අඬා හිටපු ළමයි දැක්ක ජනූටත් හිතුණ එයාටත් ඇඬෙයි කියල....
ඒත් ටිකිරි ටීච ජනූට හිතන්ඩවත් ඉඩ තිබුබෙ නෑ එයාව දාලා අමිමයි තාත්තයි යනව කියල....
එයා ටිකිරි ටීචත් එක්ක ගිහින් පන්තියෙ වාඩු වුණා.
අලුතෙන්ම කලු කරපු කලු ලෑල්ලක්....!
කලුම කලූ කට්ට කලු ලිපේ තියෙන දැලි අඟුරූ
ඒක දැක්කාම ජනූට මතක් වුණා
ලා නිල් පාට තීන්ත ගාල තිබුණු පුංචි ඩෙස්ක් හතරක් එකතු කරල හදපු ලොකු මේසෙ වටේට ඒ පාටම පුංචි පුටු තියල
ඒවගෙ ඉඳගත්ත පුංචි ළමයි.....!
හැබැයි අඳුනන යාලුවො කවුරුවත්ම නෑ....
හිරාන් නම් ජනූගෙ පන්තියටම තමයි එන්න හිටියෙ.ඒත් එයත් අම්මගෙ ඇඟේ එල්ලිලා අඬඅඬා ඉන්නව දැක්කනෙ එළියෙ...
කෝ.... කානේශයි , පියුමියි....???
ජනූ වටපිට බැලුව...
ඒ දෙන්නම තමන්ගෙ පන්තියෙ නෑනෙ....
ජනූ නැගිටලාම වටපිට බැලුව..
පටන් ගත්ත දවසෙම නිසා බාලාංශ පන්ති වෙන්කරන ලෑලි දාල තිබුණෙ නෑ.
ඉතිං ගොඩනැගිල්ලෙ තිබුණු පන්ති ටික සේරම වගේ ජනූට පෙනුනා.
පාට පාට තීන්ත ගාපු පන්ති අනිත් පන්ති අතරෙ ජනූ එයාගෙ යාලුවන්ව හෙව්ව
අන්න ඉන්නවා.....!!
කානේශයි පියුමියි එක පන්තියක එකලඟ ඉඳගෙන ඉන්නව දැක්ක ජනූ ට දුක හිතුණා.
ආ.... ඒ දෙන්නම එක පන්තියෙ... මං විතරක් මේ පන්තියෙ...ඒ මදිවට දෙන්නට ජනූව පේන්නෙත් නෑ. බර කතාවක...
ජනූ හිමින්ම ටිකිරි ටීච ලඟට ගියා.
ටීච.... මට යාලුවො ළඟට යන්ඩ ඕනෙ...
කෝ කව්ද යාලුවො....?
අර ඈත පන්තියෙ ඉන්නෙ..
ආ.... පුතේ ඔයා තේරුණේ මගේ පන්තියටනේ. යාලුවො දෙන්න තේරිලා තියෙන්නෙ සුමනා ටීචගෙ පන්තියට... ඔයාට ඒ පන්තියට යන්ඩ බෑනේ දැන්.
ඉතින් මට එයාලට කතා කරන්ඩවත් බැරිද???
ඇයි බැරි..... අපි ඉන්ටවල් එකේදි එයාලත් එක්ක කතා කරමුකෝ... දැන්  ඔයාගෙ පන්තියෙ යාලුවො අඳුනගමුකෝ....
ඔන්න  ඉතිං ටිකිරි ටීච අපේ ජනූ ළමයව ආයෙමත් එක්කරගෙන ගිහින් පුටුවෙ ඉන්දවල ආව...
ඔය ළඟ ඉන්න යාලුවත් එක්ක කතා කරන්ඩ කෝ.....
ඔයාගෙ නම් මොකක්ද?
ධර්මමාලි......
හීන් හඬින් ළඟ හිටිය ළමයා කිව්ව
ඔහොම ටිකක් වෙලා කතා කරගෙන යනකොට ඒ මේසෙ හිටපු තවත්කීප දෙනෙක් එක්ක ජනූ යාලු වුණා. ජනු ත් ඉතිං  හිත හදාගෙන මේ පන්තියෙම ඉන්න තීරණය කළා....
ටිලිං ටිලිං ටිලිං ටිලිං ටිලිං......
ඉන්ටවල් එක.....
අම්ම කෑම පෙට්ටියක දාල එවල තිබුණ පාන් කන්නත් කලින්ම ජනූට ඕනෙ වුණා කානේශවයි පියුමිවයි බලලා එන්ඩ....
ජනූගෙ පන්තියට අල්ලපු පන්තියට අල්ලපු පන්තියෙ තමයි ඒ දෙන්න ඉන්නෙ. ඉතිං ජනූට ඒ දෙන්නව බලන්න යන්න නම් පන්තියක් මැද්දෙන් යන්ඩ වෙනව.
ජනූ පිටත් වුණා....
කොහෙද යන්නෙ....
අල්ලපු පන්තියෙ පිරිමි ළමයෙක් ජනූ යන පාර හරස් කළා....
මට යන්ඩ දෙන්ඩ.... මට එහා පන්තියට යන්ඩ ඕනෙ..
ජනූ විනීත විදියට කිව්ව
බෑ බෑ මෙතනින් යන්ඩ බෑ....
ජනූ ඒ ළමය කියන එක අහන්නෙ නැතිව ඉතිරි වෙලා තිබුණ ඉඩෙන් යන්න ගියා.
කිව්වනෙ මෙතනින් යන්ඩ බෑ කියල...
ඒ පාර තව පිරිමි ළමයෙක්  ඇවිත් ඒ ඉඩත් වහගත්ත
මට යන්ඩ දෙනවලා....
ජනූට ටිකක් තරහ ගියා ඕන්න ඒ පාර නම්....
ටීච..... ටීච......මෙයාල මට යන්න දෙන්නෙ නෑ....
ජනූ කෑ ගැහුවා...
ඒත් ඉන්ටවල් එකේ පුංදි ළමයින්ගෙ සද්දෙ නිසා ටීචට ජනූ උදව් ඉල්ලා කෑ ගහන සද්දෙ ඇහුණෙ නෑ...
දෙන්නැද්ද මට යන්ඩ.....?
නෑ....
පිරිමි ළමයි දෙන්නත් ආඩම්බර ලීලාවෙන් කිව්ව.
මේ වෙනකොට සිද්ධිය බලන්ඩ තවත් ලමයි දෙතුන් දෙනෙකුත් වට වෙලා....
දෙන්නෙ නැද්ද???
අහන ගමන් ජනූ වටපිට බැලුවෙ යමක් හොයා ගන්නයි...
ඇයි අපිට මොනව කරන්නද???
කොල්ලො දෙන්නත් නවත්තන පාටක් නෑ....

චටාස් චටාස්....!
අම්මෝ ගහනවෝ......!

එක පාරටම සිද්දවෙච්ච දෙයින් කොල්ලො දෙන්නා කෑ ගහගෙන දෙපැත්තට විසි වුණා.
නරඹන්නො ටිකත් විලාප තියන්ඩ ගත්ත.
ඒ සද්දෙට ටීචලා දුවගෙන එනකොට.... බිත්තියට හේත්තු කරල තිබ්බ බී පන්තියට ආව ළමයෙක් අරන් ඇවිත් තිබුණ පුංචි  ඉදල අතට ගත්ත ජනූ පිරිමි ළමයි දෙන්නට හොඳට සළකල.....  දෙන්නම හොඳටම අඬනව. වටේට එකතු වෙච්ච කටිටියත් අඬනව. ජනූ ඉන්නව අර ඉදලත් අතේ තියාගෙන චණ්ඩි ශ්‍යාමා වගේ....!
ඔන්න ඉතින් නඩු ඇසීමේ වාරය ඇරඹුනා.
දැන් අර පිරිමි ළමයි දෙන්න අඬ අඬා නඩු කියනව ජනූ එයාලට ගැහුව කියල....
චීච.......... මෙයා අපිච ඉජලෙං ගැඋවා.............. ඌ.............................
කොහෙටද වැදුනෙ පුතේ......?
මෙචෙන්ච..........ඌ.............................
දෙන්නම අඬනව
ජනූට හරිම තරහයි....
ටීච මෙයාල මම යාලුවො බලන්ඩ යනකොට පාරට පැනල මට යන්ඩ දුන්නෙ නෑ. මම කිව්ව කිව්ව යන්ඩ දෙන්ඩ කියල... එයාල යන්ඩ දුන්නෙ නෑ... ඒ හින්ද තමයි මම ගැහුවෙ....
ඒ වුණාට පුතේ... ළමයින්ට ගහන්ඩ හොඳ නෑනෙ එහෙම. මීට පස්සෙ එහෙම කරන්නෙ නෑ ඔන්න.... කියන්ඩ මේ දෙන්නට සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
ටීච ජනූට තරවටු කළේ අමාරුවෙන් හිනාව නවත්තගෙන.
සොරි.... මම ආයෙ එහෙම කරන්නෙ නෑ.........
ඊට පස්සෙ අර කොල්ලො දෙන්නටත් කිව්ව
මොකටද ඔයාල ගෑණු ළමයින්ට කරදර කරන්ඩ ගියේ.... ඔයාලගෙ පාඩුවෙ සෙල්ලම් කළා නම් ඉවරයි නෙ.... කියන්ඩ මෙයාටත් සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
චොරි..... අපි ආයෙ ඒම කලන්නෙ නෑ....... ඌ..............
වැඩේ එතනින් ඉවර වුණා කියමුකො.....
හැබැයි තාමත් අවුරුද්දට ටිකිරි ටීචව බලන්ඩ ගියාම ඔය කතාව මතක් කරල ටීච ජනූට හිනා වෙනව....







 පින්තූරෙ නම් හොයාගත්තෙ http://www.mixtkids.com කියන අඩවියෙන්












8 comments:

  1. මටනම් පොඩිම කාලේ ගොඩක් දේවල් මතක නෑ. නමුත් මටත් ඔහොම සුන්දරම කාලයක් තිබ්බා. දග වැඩත් කලේ නැත්තේම නෑ.
    හැබැයි ඉතින් පුංචි ජනු තරම්ම දග නෑ. ජනු මාර චන්ඩියා නේ (කිරිත් එක්ක සමහන් බොනවද දන්නේ නේ .... හි හි )
    ජනු තාමත් ඔයවගේ චන්ඩි වැඩ කරනවද ?

    ටිකිරි කියන්නේ ටිචගේ නමද ? නැත්නම් චුටි ටීචර් කෙනෙක් හින්ද ජනු දාගත්ත නමක්ද ?
    හි හි තාමත් හිනා

    ReplyDelete
  2. චන්ඩි ජනූ.
    :ඕ :පී :ඩී
    මෙයා දැනුත් පාර හරස් කරන කොල්ලංට සලකනවද දන්නෙ නෑ ඉදලෙන්.

    ReplyDelete
  3. තාමත් ඔයා චන්ඩිද?

    ReplyDelete
  4. හෆොයි.. හෙන චණ්ඩියෙක්නේ!

    ReplyDelete
  5. මගේ එක වසරෙදියි දෙක වසරෙදියි දෙකේදිම හිටපු ටීච තමයි මෙයා.
    එයාගෙ නම ටිකිරි මැණිකෙ....අපේ අම්මගෙ හොඳ යාලුවෙක්.

    ReplyDelete
  6. නැතුව නැතුව... තාමත් චණ්ඩියි.. හැබැයි ඊට පස්සෙ නං ජනූ කාටවත් ඉදල් කොසු හරඹ පෙන්නුවෙ නෑ.... පෙන්නන්ඩ හිතෙත් නෑ..
    ස්තූතියි ඔයාලගෙ ප්‍රතිචාරවලට

    ReplyDelete
  7. හනේ හනේ මෙයාගේ අපි නොදන්න වැඩ දැන්නේ එළි වෙන්නේ.....

    ReplyDelete
  8. මුලින්ම ඉස්කෝලෙ ගිය දවසයි, මහානාමෙ 1 වසර B පන්තියයි, වගසෙනෙවි මිසුයි අද වගේ මැවිල පෙනුන.. ඩෙස්ක් පුටු වල ගාල තිබ්බ ක්‍රීම් පාට තීන්ත වල අලුත්ම සුවඳ තාමත් දැනෙනව.. :) වැඩිකල් නොගිහින් එහාපැත්ත හිටපු එකාගෙ කනක් අනික් පැත්ත හැරෙව්ව මට අනං මනං කියන්ඩ ඇවිත්!

    ReplyDelete