මොන්ටිසෝරියත් නිවාඩු.....
ජනූ ළමයට හරි පාලුයි....
වෙනද නම් මේ වෙලාවට මොන්ටිසෝරියෙ ඉන්ටවල් එකනෙ....
ඒ වෙලාවට කට්ටිය ගෙදරින් ගෙනාව දේවල් හුවමාරු කරගෙන කාල පොඩි වෙලාවක් සෙල්ලම් කරනව නෙ....
ආන්ටි ඊව් ගෙ මොන්ටිසෝරිය තිබුණෙ නාරම්මල දැන් ලංකා බැංකුව තියෙන තැන.
ඒක ලොකු ගෙදරක්.... ඒ ගෙදර තිබුණ ගරාජ් එකේ තමයි ජනූලගෙ මොන්ටි සෝරිය පැවැත්තුවෙ.
ඉන්ටවල් එකේදි ජනූගෙයි එයාගෙ යාලුව සුරංගගෙයි ආසම සෙල්ලම වුණේ එයාලගෙ ගරාජ් මොන්ටිසෝරියෙ වාහනවලට ඇතුළට දාන්න ලේසි වෙන්න ඇලට දාල තිබුණ කටු සිමෙන්ති පොළවෙ දෑත් අතුල්ලන එක.
මෙහෙම ටිකක් වෙලා රත් වෙන්න බිම අතුල්ල ඊට පස්සෙ අත් දෙක එකට අතුල්ලනකොට හර්ම සිනිදුයි. ඉතින් දෙන්න තරගෙට අත් දෙක පොළවෙ අතුල්ලන එක. තව මොන්ටිසෝරියෙ ෆ‍්‍රිජ් එකේ තියෙන ලොකු ක්ලේ බෝලෙ අරන් ඇවිත් ඒකෙන් එක එක සත්තු, මල් හදන්නත් ආසයි.
එයා ගොඩක්ම ආස සිංගින් ඩේ එකට තමයි. එදාට මොන්ටිසෝරියෙ ළමයි සේරම ආන්ටි ඊව්ෙගෙ පියානෝ එක වටේට එකතු වෙලා නර්සරි රයිම්ස් කියනව. ජනූයි එයාගෙ යාලුව පියුමියි කානේශයි දෙන්නත් එක්ක මොන්ටිසෝරිය ඉවරවෙලා අම්මල ඉස්කෝලෙ ඇරිල ඇවිත් එයාපව එක්ක යනකල් මොන්ටිසෝරියෙම ඉන්නව. ආන්ටි ඊ්ව් ජනූට පියානෝව වාදනය කරන්න උගන්නන්නෙ මේ වෙලාවට.... පුංචි කාලෙ ඉඳලම එයාට හොඳට සින්දු කියන්ඩ පුලුවන් නිසා ආන්ටි ඊව්ගෙන් ටිකක් කැඩිපුර සැලකිලි හම්බවුණා ජනූට....
මෙෙහම ඉන්න වෙලාවට කන්න කියල පියුමිට එයාගෙ අම්ම කේක් අරන් දෙනව.... ඉතින් මේ තුන් දෙනා කරන්නෙ අර කේක් කෑලි ටික කුඩු කරල ටික ටික කන එක....
කේක් කුඩු කලාම කොච්චර රසද කියල ඔයාලත් කාලම බලන්ඩකො.
සමහර දවසට ජනුයි පියුමියි අම්මල වෙන දේවල් අරන් දෙන්න හදනකොටත් කියනව
අනේ කේක් අරන්දෙන්නකො කුඩු කරල කන්න කියල
හවස් අතේ කරන්න වැඩක් නැතිවුණා.
ෂිහ්....
අසනීපෙන් හිටිය මල්ලිත් නිදාගත්තනෙ.
ඒ පාර ආච්චි අම්මට තරහ යන වැඩක් කරල එයත් එක්ක පොඩි වලියක් දාගෙන තරහවෙලා නින්දට වැටුණු ජනූ ළමය ඇහැරුණේ අම්ම ගෙදර ඇවිත් කතා කළාමයි.
චූටි පුතා...... මොකද මේ නිදි.....?
සාමාන්‍යයෙන් ජනූ දවල්ට බලෙන්වත් නිදි කරවන්න බැරි ළමයෙක් නෙ. ඉතිං අම්ම බෙල්ලට අත තියල ජනූට උණද කියලත් බැලුව..
ඒ පාර ජනූ නැගිටලා අම්මත් එක්ක කුස්සිය පැත්තට ගිහින් අම්ම ඉස්කෝලෙ ඇරිල එනකොට පෙරේරා බේකරියෙන් ගෙනාව උණු උණු බනිස් එකක් කාලා මිදුලට ගියා.
මොකක්ද කරන සෙල්ලම....... ම්..... ජනූ කල්පනා කළා.
වැලි මිදුලෙ අතරින් පතර වැවිච්ච දිග කූරු කොළ තියෙන කළාඳුරු පැළ අස්සෙන් කූඹි රැළක් යනවා දැක්ක ජනූ උන්ව බලන්න පොඩ්ඩක් බිම වාඩි වුණා.....
දුඹුරු පාට කූඹි.....
සමහරු පෙඩි පොඩි කෑම කෑලි අරන් යනව...
සමහරු තමන්ටත් වඩා ලොකු ඇට වර්ග අරන් එහාට මෙහාට වීසි වෙවී යනවා දැක්ක ජනූට හිනා ගියා....
ඒ අස්සෙ අමාරුවෙන් ලොකු කුරුමිණියෙක්ව අරගෙන යන්න හදන කූඹි හතර පස් දෙනෙක්ව දැක්ක ජනූ කල්පනා කළා....
අනේ පවු මේ කට්ටිය....
මේ... මේ....... මේ කුරුමිණියව ඔයාල ගෙනියන්නෙ කොහෙටද?
කූඹි ටිකත් හරියට මෙයාගෙ කතාව ඇහුණ වගේ නැවතුණා....
ආයෙත් යන්ඩ ගත්ත......
පොඩ්ඩක් ඉන්ඩකො බලන්ඩ.....
ජනූ නැගිටල කූඹී පෙරහැරේ අවසානය හොයාගෙන ගියා.
ළිඳ වටේ රවුමක් හා ඊට එහායින් තිබුණ හීං නාරං ගහ වටේට රවුම් දෙකක් කැරකිලා කූඹි පෙරහැර ජනූලගෙ ගෙදර පිටිපස්සෙ බිත්තියක් මුල්ලකින් ඉවරවෙනව ජනූ දැක්ක....
හා... මං උදව් කරන්නංකො ඔයාලට.....
ජනූ දුවගෙන ගියා කුරුමිණියව ගෙනියන කූඹි කට්ටිය ළගට...
දෙන්ඩ මං ඔයාලට කුරුමිණියව ගෙනිහින් දෙන්නං...
ජනූ කුරුමිණියව අතට ගත්ත...
හදිසියේ තමන්ගෙ හිද මත තිබුණු අපූරු කෑම අතුරුදහන් වුණු බව දැණුන කූඹි කණ්ඩායම හොඳටම කළබල වුණා....
පේළිය පැනල හිස් හැරුණ අතේ යන්ඩ ගත්ත...
හා හා මෙහෙ මෙහෙ.....
මං මෙයාව ගිහින් දෙන්නං......
ඔයාල ගිහින් දැන් වෙන මොනව හරි අරන් එන්ඩ....
ජනූ කූඹි රැළට උපදෙස් දීල කුරුමිණියව අරන් ගිහින් බිත්තිය මුල්ලෙ තැන්පත් කළා...
හැබැයි ආයෙ හිටපු තැනට එනකොට කළබල වුණු කූඹි කණ්ඩායම නිසා ටිකෙන් ටික මුලු කූඹි රැලම කලබල වෙලා...
අනේ අනේ...... ඔයාල කොහෙද මේ දුවන්නේ......? පෝලිමට යන්ඩ පෝලිමට යන්ඩ....
ජනූ එයාලගෙ මොන්ටිසෝරියෙ ආන්ටි ඊව් වගේ කට හදාගෙන කිව්ව....
ඒත් කවුරුත් කියන දේ අහන පාටක් පේන්න නැති වුන නිසා ජනූට දුක හිතුණා....
හපොයි වෙච්ච දෙයක්
ජනූට සෙල්ලමත් එපා වුණා
ඔයාල හරි නරකයි.... මං තරහයි.... මං යනව යන්ඩ.... ගිහින් තනියම සෙල්ලම් කරනවා.....
මූණ බෙරි කරගත්තු ජනූ කූඹි රැළ අතහැරල යන්න ගියා...... එතකොටයි එයා දැක්කෙ මිදුලෙ තැනින් තැන සුදු පාට පුංචි මොට්ටු පිපිල තියෙන කලාඳුරු මල්....
ඒක දැකපුවාම ජනූට එකපාරට මතක් වුණේ එයාගෙ කතා පොතක ලස්සන රෝස පාට අත් දිගට දාල තියෙන ගවුමක් ඇඳල, කැරලි කැරලි කොන්ඩෙ තියෙන ගෑණු ළමයෙක් මල් කූඩයක් අරන් පිට්ටනියක ඇවිදින චිත‍්‍රයක්......
ඒ ගෑනු ළමය පිට්ටනියෙ බිම පුංචි පඳුරුවල හැදිල තියෙන සුදු පාට පුංචි මලක් කඩාගෙන ඒක නහයට ලං කරගෙන ඉන්න හැටි තමයි ඒකෙ ඇඳල තිබුණෙ...
ඒ චිත්‍රෙ මතක් වුණාම ජනූට හිතුණා පොඩ්ඩක් ඒ ගෑනු ළමය වෙන්න...
ඒ පාර මොකද කළේ.... එයාගෙ පුංචි මල් කූඩෙ හොයාගෙන අරන් ආව ජනූ හිමින් හිමින් අඩි තිය තිය එයාලගෙ සිංගින් ඩේ එකේදි කියන සින්දුවකුත් මුමුණ මුමුණ කලාඳුරු මල් කඩන්න පටන් ගත්තා.....
ලීටිල් මිස් මෆට්...
සැටි ඔන් අ ටෆෙට්...............
මේ සින්දුවෙන් කියවෙන කතාවෙ හැටියට පුංචි මිස් මෆට් ලී කොටයක් වගේ එකක් උඩ ඉඳගෙන ඇගේ කිරි කනකොට ලොකූ මකුලුවෙක් ඇවිත් ඇයව බය කරනවනෙ...
ඒ පාර ජනූට ඔ්නෙ වුණා මිස් මෆට් වගේ ඉඳගන්ඩ...
මල් කූඩෙත් අරන් මිදුලෙ අඹ ගහයට සිමෙන්ති කොලොම්බුවෙ ඉඳගත්ත ජනූ කඩා ගත්ත කලාඳුරු මලක් අතට අරන් නයහට ලං කළා....
කිසිම සුවඳක් නම් නෑ....
වෙන්ඩ බෑ නෙ....
එයා වෙනද ආච්චි අම්මට මල් පූජ කරන්ඩ ගැට පිච්ච මල් කඩනකොට පූජ කරන මල් ඉඹින්ඩ හොඳ නෑ කියල කියල දීල තිබුණත් ඒව ඉඹල තියෙනවනෙ...
ඒව හරි සුවඳයි නෙ... ඇයි මේ මල් සුවඳ නැත්තෙ....
ජනූ ආයෙත් පාරක් කලාඳුරු මල නහයට ලං කරල හයියෙන්
හුස්මක් ගත්ත...
ටක්.....
එක පාරටම මොකක් හරි වුණ බව ජනූට දැනුණ..
අතේ තිබුණු මල දිහා බැල්වාම සුදු පාට මොට්ටුව අතුරුදහන් වෙලා.....
ජනූ බිම බැලුවා..... හතරවටේම කැරකි කැරකි....
ම්හ්... ඒක නෑ....
ආ...හ්.... ???
එක පාරටම ආව සිතිවිල්ලකින් ජනූ හුස්ම ගන්න හදනකොට හුස්ම උඩට එන්නෙ එක නාස් පුඩුවකින් විතරයි කියල ජනූට දැනුණ....
හපොයි.... එහෙනං මොට්ටු මල මගෙ නහය ඇතුළට ගියාද.....?
ජනූ හොඳටම බය වුණා....
ජනූගෙ ඇස්වල කඳුලු පිරුණා....
මල් වට්ටිය අතින් වැටුණා.....
අම්මේ.... අම්මේ....
ජනූ ගේ ඇතුළට දිව්වා..........
එතන ඉඳල වෙච්ච දේවල් ඉතිං අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑ නෙ ඔයාලට...
අම්ම ජනූව උස්සගෙන දඹදෙනියෙ ඉස්පිරිතාලෙට දිව්ව...
මේක මෙහෙ දි අයින් කරන්න බෑ...
කුරුණෑගල ගෙනියන්ඩ
ඔපරේට් කරන්ඩ වෙයි....
ඉතිං අම්ම ජනූව අරන් කුරුණෑගල දිව්ව.....
ඉතිං නාවින්න ඉස්පිරිතාලෙ දොක්ටර් අංකල් කෙනෙක් ලගට ජනූව අරන් ගියා කියමු කෝ...
අම්මගෙන් කතාව වටින් ගොඩින් අහගත්ත ඩොක්ට අංකල් ජනූගෙ නහයට ටෝච් එකක් එහෙම ගහල බලල... ජනූ එක්ක කතා කරන්ඩ පටන් ගත්තා.
ඉතිං කියන්ඩකො බබා... මොන්ටිසෝරි යනවද?
ඔවු...
ඉතිං කවුද හොඳම යාලුවා.....?
ඔන්න ඉතිං මොහොතකට ජනූට අමතක වුණා මේ ඇවිත් ඉන්නෙ ඩොක්ට අංකල් කෙනෙක් ලගට බෙහෙත් ගන්ඩ කියල... එයා විස්තරේ පටන් ගත්තා.....
ශා.... හරී ලස්සන කොන්ඩ කට්ටක් නෙ..... මට දෙනවද?
හා....
ජනූ ඒක ගලවල ඩොක්ට අංකල් අතට දුන්න.
ජනූ එක්ක කතා කරන ගමන් ඩොක්ට අංකල් ජනූගෙ කොන්ඩ කට්ටක් ගලව ගත්ත ගමන් අම්මයි නර්ස් ආන්ටියි ජනූව අල්ලගත්ත...
ජනූට හෙල්ලෙන්නවත් බැරි වුණා.
කොණ්ඩ කටුව ජනූගෙ නහය ඇතුළට ආපු ඩොක්ට අංකල් හිරවෙලා තිබුණු මොට්ටු මල එලියට ගත්තා....
යාන්තං ඇති... ජනූ බේරුණා....
හැබැයි සිද්ද වෙච්ච දේ ජනූගෙන් සහ සුද්දෙන්ම අහගත්ත අම්මයි තාත්තයි නැන්දල මාමලයි.... ඔක්කොමලා ඒක මතක් වෙන ගාණෙ පණ යනකල් හිනා වුණා......ෙමන්න ෙම් කවිය කියල.
අර රජ බිසව ගෙ කතාවෙ අන්දරේ කියන්නෙ කවියක් බිසව හිනස්සන්ඩ.
ඇටිකිටි චොහ්
කකුලු ඥරස්
හාවා කළ අකල විකල
මේ මරණින් ගැලවුණි නං
ආයෙත් නොකමි හීල් බත් දංකුඩ......
මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් කතාව මතක් වුණා.
ReplyDeleteඑක නෙවෙයි , කෝ අහිංසක මහප්පා පූසා ගැන කතාව
කේක් කුඩු කනවට වඩා අර කේක් එක ට්‍රේ එකේ ඇලෙනවට දාන කොලේ තමා රස.
ReplyDeleteහිකිස් එක හුස්මටම ඔක්කොම කියෙව්ව ඕං.
හේ හේ මේ ළමය පොඩි කාලෙ හරිම දඟ මල්ලක් වගේ. මාර වැඩනෙ කරල තියෙන්නෙ.. :D
ReplyDeleteහිහ් හිහ් හී. නියම කතාව. මම හිතුවෙ ඩොක්ටර් අන්කල් විස්තර අහන ගමන් එක පාරටම මොකක් හරි වෙන දෙයක් කරයි කියල. (මොනා හරි කිවිසුමක් යන වැඩක් වගේ. :) )
ReplyDeleteජනූටත් වෙන්නේ පුදුම වැඩනේ. හොද වෙලාවට ඔපරේට් කරන්නේ නැතුව මල් ඇටය ගන්න පුලුවන් උනා. නැත්නම් ඉවරයි නේ. ඔය සිද්ධිය උනේ ඔයා මොන්ටිසෝරි යන කාලෙද ?
ReplyDeleteමකර රජෝ,
ReplyDeleteඉන්න ඉන්න ලියන්නං ලියන්නං... මේදවස්වල අපිට අලුත් සාමාජිකාවො දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න ගැනත් ලියන්නංකො.
රාළේ,
අනේ මට නං ඔය රහ හරිය කවදාවත් කන්න වෙලා නෑ... මම කේක් හැදුවාම මට කන්න ආස හිතෙන්නෙ නෑත දැකලම එපා වෙලා. මලය තමයි වගකියන්නෙ. අනික අපේ ගෙදර කොහොමත් හොඳම දේ රොවාට... ඒ කියන්නෙ අපේ බව්වට... ඉතිං කේක් හදන්න ගත්ත වෙලාවෙ ඉඳන්ම එයා බුරල රසම ටිකේ අයිතිය ප්ර කාශ කරනව
..ChAnDiKa..,
හි හි හි.. මං කොච්චර දඟද කිව්වොත් ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවසෙ මම පිරිමි ළමයෙක්ට ඉදලකින් ගැහුව.
හැබැයි නිකං නිවැරැද්දෙ නෙවෙයි . මට කරපු අණුඩපාල වැඩක් නිසා තමයි.
madhawaweblog
හා හා... කිවිසුම් වැඩේ ඩොක්ට අංකල්ට කලින් අම්ම කළා වගේ මතකයි.
ඒ ඩොක්ට අංකල් තාමත් ඉන්නව. මාව දැකපු ගමන් එයාට මාර හිනාවක් යනව...
මධුරංග
ඔවු ඔවු....මේක වුණේ මම මොන්ටිසෝරි යන කාලෙ. මට වෙලා තියෙන ඇබැද්දි කොච්චර නං තියෙනවද හැබෑට....?
ඉස්සරහට ලියන්නංකො, පොල් ගෙඩියක් වැටිච්ච කතාව, හූණු බිත්තරේ කතාව, අපේ මල්ලි මවුපියො කාපු කතාව, අලිං ටිං ටිං හා ඇටුනං, සහ තවත් කතා....
මධුරංග මලයාගේ කමෙන්ට් එක වෙනකමි කමෙන්ට් ටික කියෙව්වාම සාරාංශය දැනගත්තා... ඔච්චර ලොකු පෝස්ට් කියවන්න කම්මැලි අප්පා....
ReplyDeleteආ ඒක නෙවි මධුරංග exams වලට වෙලා නෑ කිය කිය බ්ලොග් කියවනවා නේද? හික්ස්..
මේ බ්ලොග් අවකාශෙ එහෙම නැති කෙනෙක් ඉන්නවද?
ReplyDeleteඉන්නනවා මයෙහිතතේ ඔය මධූරංග මලයාගේ අන්තිම පෝස්ට් පොජ්ජ බැලුවානම් :D
ReplyDeleteජොලි කතාව... ;D
ReplyDeleteනියම කතාවක්.... :D
ReplyDeleteඔය අන්තිම අන්දරේගෙ කවියෙ මුල් පද මම අහල තිබ්බෙ වෙන විදියකට...
ReplyDeleteකක්කුට්ටං දියට ජබුහ්...
ගෙඹිරිත්තං පයට චුරුස්....
කියල!!