Saturday, November 13, 2010

සුදු බල්ලා....!

අනේ මන්ද..... දවස ගානෙ එක එක කියලත් කවද ඉවර කරන්ඩද කියල මේ ළමයගෙ කතාව.
ඕං අදත් එහෙනං කියවල බලන්ඩකෝ මේ ලමය අම්මගෙයි තාත්තගෙයි පටි රෝල් කරල කියෙන හැටි. මතකනෙ ගමේ ගිහින් පැ‍ට්‍රොමැක්ස් එකේ පැලපීය අල්ලල වෙච්ච සංගදිය.

මේක වුණෙත් ජනූ එයාගෙ අම්මලගෙ ගමේ යද්දිම තමයි. 
වංගු හරව හරව, කඳු නැග නැග, බස් පහක විතර යන මේ ගමනෙදි ජනූට ලොකු හෝටලයක් නම් වරදින්නෙම නෑ. අම්මයි තාත්තයි ඉතිං නොසෑහෙන්න වද විඳිනව මේ වැඩෙන්. 
මේක වුණේ පුංචිම කාලෙ ජනූලෙ මල්ලි වඩාගෙන අම්මයි තාත්තයි ජනූ බබයි ගමේ ගිය දවසක.
ජනූ ගෙ තාත්ත ඉතිං එයාගෙ පැටවු දෙන්නට හරි ආදරෙයිනෙ පස්සෙ කාලෙක එයාලව දාල ආයෙ කවදාවත්ම නොඑන්නම යන්න ගියාට . තාත්ත ඒකාලෙ ආදරේට ජනූටයි එයාගෙ පුංචි මල්ලි බබාටයි "බලු පැටවු" කියනවනෙ
කෝ .. මේ මගෙ ලොකු බල්ලයි පොඩි බල්ලයි.... කොහෙද ඉන්නෙ.....?
ආ... මේ ඉන්නෙ....නැගිටපියෝ නැගිටපියෝ.....
වැඩ ඇරිල ගෙදර ආව තාත්ත මල්ලියවයි එයාවයි හොයනව ජනූ ළමයට තාමත් මතකයි....
 ඔන්න ඉතිං මේක වෙද්දි තාත්තයි අම්මයි සීට් එකක ඉඳගෙන මල්ලි බබාව ඔඩොක්කුවෙ නිදිකරගෙනලු හිටියෙ.
සීට් එක අතරෙ හිටගෙන මහ හයියෙන් බස් එක දෙවනත් වෙන්ඩ සින්දු කිය කියා හිටියලු අපේ ජනූ ලමය...

 මගෙ ආවා අලිම තුදුයි
පුලුං බෝ.....ලයක් වාගෙයි
පා...නුත් කා...ලා 
කී.....ලිත් බී.....ලා
තික තික ඔඳ වැඩ පුලුදු කලනකොත
ඔඳටම ඔඳ වෙනවා.....!

ඔන්න එක පාරටම තාලෙ වෙනස්වෙනව.

අම්බිලි මාමේ..... ඔබ මොකද කලන්නේ
පුලුන් වලා යටින් ඉඳන් 
එබිල බලන්නෙ....
එබිල බලල තුදු ආවව
අලගෙන යන්නේ....!

දන්න සින්දු ඔක්කොම කලවම් කරල එයාම කරපු නව නිර්මාණ තමයි ඔය වගේ ගමන් යද්දි ජනූ ළමය කියන්නෙත්. මේ සින්දු කෑලි මතක් කරල දෙන්නෙ ජනූ ළමයගෙ සංගීත ගුරුතුමී අම්ම තමයි. 

 ඔහොම සින්දු කියන කොට බස්එකේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ මෙයා ගැන හරිම අවධානෙන් නෙ.
  ඉතින් මේ කට්ටිය හොරෙන්හොරෙන් හිනා වෙනවලු මේ කියන සින්දුවලට....
මෙහෙම සින්දු කිය කියා ඉන්න ගමන් ජනූ ලමයට එක පාරටම එයාගෙ මලය ගැන හරිම ආදරයක් හිතුනලු
ඉතිං එයා මල්ලි දිහාට නැමිල

ආ...... මගෙ සුදු බල්ලෝ...... කියල මල්ලිව ඉම්බලු

බස් එකේ කට්ටිය වහලෙ ගැලවෙන්ඩ හිනා වුණාලු. අම්මයි තාත්තයි කර කියාගන්ඩ දෙයක් නැතිව බිම බලාගෙන හිටියලු ඉතිං
හත් වලාමෙ වෙච්චි දේට මක්කොරන්ඩද....?

7 comments:

  1. aiyo meya hinda nendai mamai vinda dukak.....!!!!!

    ReplyDelete
  2. නගේ සිංහල දාගනිනිකො....

    ReplyDelete
  3. මේක කියවල නම් හොඳටම හිනාවුනා.......... :D :D

    ReplyDelete
  4. ඕන් එහෙනන් දාගත්තා... ලොල්......!!! මට මරු භාන්ඩයක් හම්බ උනානෙ සින්ග්ලිශ් වලින් කොටන එකක්... දැන් වැඩේ හරි.....!!

    ReplyDelete
  5. .
    පුංචි බලු රාලේ
    මා ගෙදර නැති වේලේ
    කවුද මගෙ බෝලේ
    පෙරල පෙරලා නැටුවෙ මිදුලේ

    ReplyDelete
  6. තාමත් හිනා. අම්මලට බස් එකේ තහඩු පලාගෙන යන්න හිතෙන්න ඇති නේ.හි.. හි.. හි...

    ReplyDelete
  7. නැත්තං, අපි දෙන්න පොඩි කාලෙ කරල තියෙන දේවල් නිසා අම්මටයි තාත්තටයි හරියට කරදර වෙලා තියෙනව.

    ReplyDelete