Thursday, November 11, 2010

එදා රෑ තමයි රෑ.....

 කොන්සට් එක ඉවර වුණා.....රෑ වෙලා තිබුණු හින්ද කට්ටිය සේරම විසිර ගියා හරියට මීයට පිම්බ වගේ.... කොන්සට් එක වෙලාවෙ පෙන්නපු එක එක නාට්ටි, සින්දුවලට සැරෙන් සැරේ හිත ගියා තමයි. ඒත් ජනූ ළමයගෙ හිත ගිහින් තිබුණ එක දේකට. ඒක ලබා ගන්න නම් කොන්සට් එක ඉවර වෙනකල්ම ඉන්න ඕනෙ විත්තියත් එයා දැනගෙන හිටිය පුංචි කමට. කොන්සට් එක ඉවර වෙනකල් ඒකට මුල් තැන අරන් කටයුතු කරපු සංගීත ගුරුතුමී වෙච්ච අම්ම ළගට වෙලා හොද ළමය වගේ හිටපු ජනූ, වැඩේ ඉවර වෙලා අස්පස් කරන, ළමයි ගෙවල්වලට යන්න පිටත් කරන වැඩවලට කලබලෙන් හිටපු අම්ම ලගින් හෙමින් සැරේ ලිස්සල ගියා කොන්සට් එක තිබුණු මේන් හෝල් එක ඇතුළට..... දුවගෙන දුවගෙන ගියා. මෙච්චර වෙලා බලන් හිටියෙ මේ වෙලාව එනකල් නෙ... ස්ටේජ් එක දෙපැත්තෙ ඕලු මල් පුරවල තියල තිබුණු කළගෙඩි දෙක කාටත් අමතක වෙලා වගේ..... මල් හතයි.......!!!
ජනූට නියම පල්ලම... සතු ඉහ වහා ගිහින්.....
ඔක්කෝම ඕලු මල් ටික එකතු කරගෙන හෝල් එකේ බිම වාඩි වුණා.
හෝල් එකේ කාත් කවුරුවත් නෑ..... තට්ට තනියම..... වෙනද නම් කලුවර වෙනකොටත් බය ජනූට අද නම් බය තියන්නෙ මොකද්ද කියල වත් නොදැණෙන ගානයි. ගෑනි ටිකක් වෙලා කල්පනා කළා මොකක් ද මල් ටිකත් එක්ක කරන සෙල්ලම කියල...
ඔන්න මතක් වුණා සින්දුවක් අම්ම කියල දුන්න ...!

ඕලු පිපීලා විල ලෙල දෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා පළදිමු අපි මා...ලා
එන්න දියේ බැස මා... හා..... ගන්...


දඩා.....ස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ගෑණි බය වුණා. සද්දෙ ආවෙ ඇරල තිබුණ දොර දිහාවෙන්. ගෑනි  හැරිල බලනකොට මේන් හෝල් එකේ ඇරල තිබුණ එකම දොරත් කවුරුහරි වහල....එකත් එකටම දසනායක මාම ඇතුලෙ කවුරුත් නෑ කියල හිතල දොර වහන්න ඇති.....! ගෑණි රොකට් එකක් වගේ දිව්ව දොර ළගට....

දඩ බඩ දඩ බඩ දඩ බඩ ....

අනේ.....!!! ඇහෙනතෙක් මානෙ මිනිස් පුලුටක් හිටියෙ නෑ. පුංචි ජනූ ජීවිතේ කවදාවත් බයවෙලා නෑ ඒ තරම්.


දසනායක මාමේ.......!
අනේ මාව මේක ඇතුලෙ හිරවෙලෝ......!
අම්මේ.......!
අම්මේ................................!!!!
අනේ අම්මේ..........................!!!!!!!!!!!

හපොයි හපොයි....ගෑනිමහ හයියෙන් විලාප දීල ඇඩුව දොරට ගහ ගහ.
සෑහෙන වෙලාවකට පස්සෙ වැඩ සේරම ඉවර වෙලා ගෙදර යන්ඩ ජනූව හොයපු අම්ම නොසෑහෙන්න  කළබල ‍වෙලා දසනායක මාමයි, තව කවුදෝ ඉස්කෝලෙ මාමලයි එක්ක හැමතැනම හොයල අන්තිම මේන් හෝල් එක දිහාට ආවාම යාන්තමට වගේ අඩන සද්දයක් ඇහිල හෝල් එක ඇරල බැලුවෙ නැත්නං ජනූට මුලු රෑම ඉන්ඩ වෙන්නෙ හෝල් එකේ තනියම......මාමල හිටිය හින්ද ජනූ ගුටියක් නොකා බේරුණා....යා.....න්තං ඇති.

5 comments:

  1. හොඳවැඩේ හොරාට ඕලු මල් කඩන්න ගියාට..
    අවසානය මෙහෙම වුනානං කොහොමද?
    අම්මා හැමතැනම හොයල හොයල හොයාගන්න බෑ. දසනායක මාමා මේන් හෝල් එක ඇතුලෙ ජනූ හිටියේ නෑ කියපු නිසා මේන් හොල් එකේ බලල නෑ. ඉතින් අම්ම අඬ අඬ ගෙදර ගිහින්. ඉතින් එදා රෑ මේන් හොල් එකේ තට්ට තනියමේ පහුවෙනිද එලිවෙනකං. ෂිහ් එහෙම වුනේ නෑනේ. lol

    ආ මේ ඒක නෙවෙයි. නමෝ විත්තියෙන් අලුත් blog එකට පළවෙනි comment එක මගෙන්ද කොහෙද. සුබපැතුම්.
    ජයවේවා෴

    ReplyDelete
  2. මතක් කරන්ඩවත් ඒපා. ඒ තරම් නරක යමක් ජනූට හිතාගන්නවත් බෑ.....

    ReplyDelete
  3. හැබෑ නේන්නං. පළවෙනි comment එක ඔයාගෙන් තමයි.පින්!

    ReplyDelete
  4. අම්මෝ මේ ජනූත් කර ගන්න වැඩ !!! හොද වෙලාවට මහ හයියෙන් අඩ අඩවත් හිටියේ නැත්නම් ඔයැයිව හොයා ගන්නවා බොරු !!!!

    ReplyDelete
  5. අඬ අඬ....? හොඬ අඬ අඬ.... මං හිටියෙ විලාප තියතියා අනේ..... නිකං සිද්ධිය සුලු කොට තකන්න නම් එන්ඩ එපා ඔන්න

    ReplyDelete