ජනූ බබයි,
කානේශ බබයි, පියුමි බබයි, අත් අල්ලගෙන බලන් හිටියෙ පොලිස් නැන්ද හා ඔන්න පාර පනින්ඩ
කියල අතින් කියනකල්
වාහන
නැවතිලා කනිෂ්ටෙ ඉස්සරහ කහ ඉරෙන් පාර පැන්න තුන් දෙනා ඇවිදගෙන ගියා
වෙනදට
ජනුයි එයාගෙ යාලුවො ටිකයි දොළහ හමාරට කණිෂ්ටෙ ඇරුණම කෙලින්ම එන්නේ අම්මලගෙ
ඉස්කෝලෙට....
එතන ඉඳල අම්මලට
ඉස්කෝලෙ ඇරෙන කල්ම ඉස්කෝලෙ ලොකු බුදු මැදුරට පිටිපස්සෙ ගලට වෙලා සෙල්ලං කරනව...
බුදු මැදුර අස්සෙ හැංගිමුත්තන් කරනව...
මේ
නැටිලිවලින් කට්ටිය තුවාලයක් වත් කරගත්තොත් කියල අම්මල කතා වෙලා ජනූලව ඉස්කෝලෙ
ඇරුණම ඉංග්‍රීසි පන්තියකට යවන්ඩ තීරණය කරගත්ත...
මේ ඉංග්‍රීසි
පන්තිය තියෙන්නෙ ලොකු ඉස්කෝලෙ අල්ලපු වැටේ....ඒක කරන්නෙ ධර්මරත්න ආන්ටි... එයා
ඉස්සර ඉංග්‍රීසි ටීච කෙනෙක්ලු.. හැබැයි හරිම සැරයි ලු...
ඔන්න
ඉතිං කලින් දවසෙ කානේෂගෙ අම්මයි පියුමිගෙ අම්මයි තව හිරාන් ගෙ අම්මයි කට්ටියම එක්ක
ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට ගිහින් ඉංග්‍රීසි පන්තිය ගැන කතා කරගත්ත ලු....
හෙට ඉස්කෝලෙ ඇරුණම කානේශයි පියුමියි එතක්ක පරිස්සමට පාර
පැනල ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට යන්ඩ චූටි පුතා....
අම්ම ගෙදර
ඇවිල්ල ඩබල් රූල්පොතකුයි, සිංගල්රූල් පොතකුයි පිටකොල හෙම දාල ජනූට දීල කිව්ව..
ජනූල
ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හිටියෙ වසම වස පාට මාම!!!
එයා කෝපි
ගස් අස්සෙන් ආන්ටිගෙ ගෙදරට වැටිල තියෙන පාර අතු ගාන ගමන් ජනූලව පිලිගත්තෙ රවල...
වෙනදට
ජනූල ඉස්කෝලෙ ඇරිල යනකොට වස මාම ආන්ටිගෙ වත්තෙ වැඩ කර කර ඉන්නව...
ජනුල
ආසාවට වත්තෙ වැට මායිමේ පිපිල තිබුණ මලක් හෙම කඩාගන්ඩ ගියොත්
ඒයි ඒයි... ඔය ළමයි මොකද්ද ඔය කරන්නෙ... ඉන්නවල මං එන්නං
අල්ලගන්ඩ කියල උදැල්ල පැත්තක දාල
වැට ලඟට දුවගෙන එනව...
ඉතිං
ජනූල දුවනව
වැටේ
තිබුණු ගහක පාර පැත්තට පිපිල තිබුණු මලක් කඩාගත්තට වස මාම එච්චර සැර කරන එක
වැරදියි කියලයි ජනූට හිතුණෙ...
මී පැටවු
තුන් දෙනෙක් වගේ බිම බලාගෙන වස මාමට ඈතින් පෝලිමට එතන පහු කරපු තුන් දෙනා පන්තියට
ගියා...
පන්තිය
කිව්වට ඒක ඒ ගෙදර ලස්සනට තණ කොළ වවපු මිදුලෙ කෙළවරේ තිබුණු සමර් හට් එකක්!
ඒකෙ වටේට
උස බංකු තිබුණ... වටේට වාඩි වෙලා ඉන්ඩ...
ඊට
එපිටින් තිබුණෙ ගෙඩි පුරවගෙන ඉන්න වෙරලු ගහ...
ආ ඔයාලත් ආවද??
ජනූලට
කලින් පන්තියට ඇවිල්ල හිටිය මනෝජි අක්ක කිව්ව....
ජීවනිත් ඇවිල්ල!!!
කට්ටිය බංකු
උඩින් ඉඳගෙන පොත් එලියට ගන්නකොටම
හිරානුත් ආව...එයාගෙ අක්ක සුරන්මලීත් ඒ
එක්ක ඇවිල්ල හිටිය..
ඔන්න
ටිකකින් ධර්මරත්න ආන්ටි එලියට ආව...
එයා හිටියෙ
අත් නැති මල් මල් ගවුමක් ඇඳල, හරියට ගමනක් යන්ඩ
ලෑස්ති වෙලා වගේ සපත්තුත් දාල හිටිය කොන්ඩෙ මුදුනෙන් ගැටයක් වගේ හිටින්ඩ බැඳල...
කන්නාඩි
දෙක මාලයක් වගේ බෙල්ලෙ එල්ලගෙන...
ආන්ටිව
දැක්ක විතරයි ජනුයි යාලුවො ටිකයි හොඳට හරි බරි ගැහිල ඉඳගත්ත....පන්තිය
පටං ගන්ඩ යද්දි පිලිවෙලට ඉන්ඩ එපැයි
මනෝජී......... මේ ළමයි ඛවුද?
සමර් හට්
එකට ආන්ටි බෙල්ල වටේ තිබුණ මාල කන්නාඩිය ඇස් දෙකට දමා ගන්න ගමන් ඇහුව...
අම්මල ඊයෙ ඇවිල්ල කියල ගියා කිව්ව ආන්ටිගෙ පන්තියට අපිව
ගන්ඩ කියල...
කානේශ
කිව්ව...
ආ........ ඛිව්ව තමයි ඛිව්ව තමයි ... ඒ වුණාට මේ ළමයි මේ තරම් පොඩි කියල මට දන්නෙ
නෑනෙ...
කෝ අම්ම එක්කෙනෙක්වත් ආවෙ නැද්ද??
ආන්ටිගෙ
අමුතු සිංහල කතාව හන්ද එන හිනාව තද කරගෙන ජනුයි එයාගෙ කානේෂයි පියුමියි තුන් දෙනාම
ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්ඩ...
එහෙම බෑ නෙ....එයාල එන්ඩ තමයි ඕනෙ ෆස්ට් ඩේ!!!
ජනූල
මූණෙං මූණ බලාගත්තෙ එයා කියන දේ තේරිලා නෙවෙයි කියල ආන්ටිට තේරුණා...
හා හා.. . කමක් නෑ... ගන්ඩ පොත් එලියට...ඩබල් රූල් පොත්
ටික පාස් කරන්ඩ මා ගාවට
ආන්ටි
ඩබල් රූල් පොත් ටිකේ මොනවද ලිව්ව...
හා දැං මේවගෙ සිම්පල් ලෙටර්ස් ලියන්ඩ... මෙහෙම කියල පොත් ටික ජනූලට
බෙදල දීපු ආන්ටි ආයෙමත් ගේ ඇතුලට ගියා...
ජනූ පොත
දිග ඇරිය...
කැපිටල්
ඒ අකුරෙ ඉඳල එච් අකුරු වෙනකල්
කියවගන්ඩ ජනූට පුලුවං වුණා...
එතනිං
එහා අකුරු ජනූ දන්නෙ නෑ...
ඒ මදිවට
දැං මේ කරන්ඩ කියල ගිය දේ නං තේරෙන්නෙම නෑ...
ඔයාට තේරෙනවද කිව්ව දේ??
ජනූ
කානේශගෙන් ඇහුව...
නෑ.. කානේශ
ඹලුව වැනුව...
පියුමිත්
බර කල්පනාවක..
ඇයි ඔයාල ලියන්නෙ නැද්ද??
අපි දන්නෙ නෑ ...
ආ.... දැන් ආන්ටි ඇවිල්ල බනියි ඔයාල ලියල නැති වුනාම...මෙහෙම
ලියන්ඩ
ඔය කැපිටල් අකුරුවල සිම්පල් අකුරු ටික ලියන්ඩ යි ඕනෙ...
එහෙම
කියල මනෝජි අක්ක එයාගෙ පොතේ අන්තිම පිටුවෙ පැන්සලෙන් ජනූලට ලියල පෙන්නුව කැපිටල් ඒ
අකුර යටින් සිම්බල් ඒ අකුර..
ජනූට
සිම්පල් අකුරු දැකල මතක තිබුණට ඒව හරියට අඳුනගෙන
හිටියෙ නෑ.... මේ ඒ අකුර මේ බී අකුර කියල
ජනූගෙ මූණ ඇද වුනා...
මේ මොන පන්තියක්ද
අපි දන්නෙවත් නැති වැඩ අපිට දීල ආන්ටි
පැත්තකවත් නෑ!!!
හපොයි අම්මල අපිව දාපු අමාරුවක් මහත!!!
එයා වටපිට බැලුව
කානේශත් පොත දිහා බලාන භාවනා කරනව...
හිරාන්ගෙ ඇස්වල කඳුලුත් ඇවිල්ල
ජීවනී නං අකුරු දෙකක්ද තුනක් ද ලියල...
පියුමි විතරක් සමර් හට් එකේ වහලෙ පිදුරු අස්සෙන් මේසෙට
වැටුණු කූඹියට එයාගෙ කෝදුව උඩට නංගගන්ඩ දඟලනව...
මේක හරි යන්නෙ නෑ අපි යමුද??
ජනූ හෙමින් සැරේ කානේශගෙන් ඇහුව
හා!!
කානේශටත් වැඩේ එපා වෙලා වගේ!!!
මාත් එනව එහෙනං!!!
ඒ හිරාන්
අනේ මාත් එනව... මටත් බෑ ඉන්ඩ තනියම
පියුමිත් ලෑස්ති වුණා
මට නං බෑ යන්ඩ!! අම්ම මට බනියි හොඳටම....ඔයාල
කොහෙද යන්ඩ යන්නෙ....
ජීවනී ඇහුව
අම්මලගෙ ඉස්කෝලෙට...
ජනූ එහෙම කියන ගමන් පොත් ටික බෑග් එකේ දාගත්ත...
නංගි ඔයාල යන්ඩ එපා.. ඉන්ඩ
දැං ආන්ටි ආවොත් නං ඔයාලට හොඳටෝම බනියි!!
එයාට තරහ යයි...
මනෝජි අක්ක කිව්ව
කමක් නෑ....මේ අකුරු ලියන්ඩ අපි දන්නෙ නෑ
නෙ... අපි යනව ඒ හින්ද....
මෙහෙම කියල කානේශයි පියුමියි හිරානුයි එක්ක ජනූ පිටත්
වුණා ක්ලාස් එකෙන්!!
වස මාම වත්තෙ වැඩ කරන ගමන් ඇස් කරකවල බැලුව ළමයි යන දිහා
කට්ටියම පිටත් වෙලා ඉස්කෝලෙ පිට්ටනිය මැද්දෙන් එක
එක්කෙනාගෙ අම්මල ඉන්න තැන්වලට ගියා
ජනූ සංගීත කාමරේට
කානේශ ගෘහ විද්‍යාගාරෙට
පියුමියි හිරානුයි මේන් ලැබ් එකට
පුදුමයට පත් වෙච්ච හැමෝගෙම අම්මල ඇහුවෙ එකම ප්‍රශ්නෙ
ඇයි ආවෙ?? ආන්ටිට කියලද ආවෙ??
කට්ටියම දුන්නෙත් එකම උත්තරේ
එයා අපිට කියල දෙන්නෙවත් නැතුව වැඩ දුන්න..
ඒව කරන්ඩ බැරි හන්ද අපි ආපහු ආව
අම්මලට හිනා!!!
පස්සෙ ජනූලට ආරංචි වුණා...
ධර්මරත්න ආන්ටි ආපහු ඇවිල්ල බලද්දි ජනූල නෑ නෙ... එයා හොඳටම බය වෙලා!!!
පස්සෙ එයා මනෝජි අක්කගෙන් විස්තරේ දැනගෙන
ජනූලටයි අම්මලටයි සේරෝටම බැන්නලු... හැබැයි පස්සෙ ජනූලව ආයෙ
එවන්ඩ කියල කියල එව්වලු
වීරයො වගේ පැනල ගියාට මොකද වැඩේ කියන්නෙ ජනූල ඉස්කෝලෙ
ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට යන්ඩ ඕනෙ ධර්මරත්න ආන්ටිගෙ වත්ත ලඟින්නෙ...
ඉතිං අමුතුවෙං කියන්ඩ ඕනෙ නෑනෙ ඒ සිද්ධියෙං පස්සෙ ජනුයි
එයාගෙ කට්ටියයි සේරම වත්ත ලඟින් යන්නෙ දුවගෙන... කියල
කාලයක් යනකල් අම්මලගෙ ඉස්කෝලෙ උගන්නන අම්මලගෙ යාලු
අංකල්ල ජනූලට හිනාවුණා
අන්න ධර්මරත්න ආන්ටි ඔයාල එනකල් වැට ලඟ බලං
ඉන්නව කියල
ඔන්න ඔහොමයි ජනූගෙ ඉංග්‍රීසි පන්තිය!!!
කාලෙකින් ඔන්න ආව!!!
ජනූට ලියන්ඩ කම්මැලියි ළමයි!!
නැතුව ඔයාල අමතක වෙලා නෙවෙයි!!
නැතුව ඔයාල අමතක වෙලා නෙවෙයි!!
ලියනව නං කතන්දර නැතුවත් නෙවෙයි!!!
පින්තූරෙ හම්බ වුනේ මෙන්න මෙතනිං
මේ කතාව කලින් ලීවද ජනූ කොහේ හරි? මට මේ ඉංග්‍රීසි කතාව මතකයි මතකයි වගේනේ. (දැන් ඉතින් ලිව්වේ නැත්නම් මටත් මොකක් හරි බලයක් ඇති අනුන්ව කියවන්න. ඔය කේන්දර බලන තැනක් වත් ඇරගන්න බැරියැ රස්සාවක් නැති කාලෙට... )
ReplyDeleteමං හිතන්නෙ මං ඔයාට මේක චැට් එකේ කිව්වද කොහෙද රංගියො!!
Deleteලස්සන මතකයක්....
ReplyDeleteඔවු ලස්සනම ලස්සන මතකයක්!!
Deleteහෆොයි... තව බ්ලොග් එකක් තිබිලනෙ... මම දැක්කෙ අදනෙ!!
ReplyDeleteඔවු අයියෙ.. අවාරෙ අඹ වැටෙනව වගේ තමා ලියන්නෙ ඒ වුණාට
Deleteඅම්මෝ මේ අවුරුද්දේ පළවෙනි එක... ලස්සන කතාව. අපි ඉංග්‍රිසි පංති ගිය හැටි කිව්වොත් එහෙම අක්කලා ආයෙ අපේ මූන බලන්නේ නෑ.... ඒ තරම් ජොලි...
ReplyDeleteආ... ඊට පස්සෙ ගිය පන්තියක වෙච්ච තව රස කතා තියෙනව... වෙලාවක ලියන්නංකො මලයො
Deleteකාලෙකට පස්සේ ජනූ බබා ඇවිත් තියෙන්නේ. මම් හිතුවේ පොල් ගෙඩිය ඔලු ගෙඩිය උඩට පතබෑවුනාට පස්සේ ජනූ බබාට ලියන එකත් අමතක වෙලයි කියලා.
ReplyDeleteඒ නිසාම මම් ජනූ බබාව මගේ රීඩර් එකෙන් අයින් කරලා ඒ වෙනුවට ජනනි කියලා ලොකු අක්කෙක්ව රීඩර් එකට දාගත්තා.... හික්ස් :)
ආ.. මෙයත් තාම ඉන්නව... ඔහෙ කමන්නෑ බං මලයො... පුලුවං වෙලාවට ඇවිල්ල කියවපංකො... මොකෝ මේ ලියන එව්ව දුවනවයැ කොහෙවත්
Deleteහෆොයි... ඔය වගේ ඉංගිරිසි පංති හැමෝටම තිබිල වගේ... අපේ ටීචර් ඈන්...
ReplyDeleteනගෝ උඹත් ආඳ මාළු ඉරටෙන් කන්න වගේ මේ සාරභූමියත් එලි පෙහෙලි කරල ගත්ත එක හොඳා...
ඒක තමා... හැමෝටම ඉංග්‍රීසි පන්ති තිබිල විතරක් නෙවෙයි හැමෝටම ඒ ගැන කියන්ඩ දේවලුත් තියෙනව වගේ නේද??
Delete/නගෝ උඹත් ආඳ මාළු ඉරටෙන් කන්න වගේ මේ සාරභූමියත් එලි පෙහෙලි කරල ගත්ත එක හොඳා.../
:-P
මම දන්නෙත් දැන් උඹ මේක ආයෙත් ලියන බව. ජයවේවා! ආයෙ මේ අවුරුද්දට පෝස්ට් එකක් ලියනවද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපි එහෙම තමා හොරෙන්ම ලියනව...
Delete/ආයෙ මේ අවුරුද්දට පෝස්ට් එකක් ලියනවද?/
හිටපන් අයියෙ උඹට පෙන්නන්නංකො මං වැඩේ
කෝ ජනූ ළමයා මම ඊයෙද කොහෙද දාපු කමෙන්ට් එක?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඕං දැම්මෝ
Deleteහරිම ලස්සන කතාව ජනූ... වස මාමා ඊට පස්සෙ ඔයාල යන එන වෙලාවල් ඔත්තු බැලුවෙ නැද්ද...?
ReplyDeleteමටත් මතක් උනා මං මොන්ටිසෝරි යන දවස්වල ඒක ඉවරවෙලා අම්මගෙ ඉස්කෝලෙට ගිහින් ඉන්න හැටි.... ඒ ගියාම මම නම් හිටියෙ අම්මගෙ විද්‍යාගාරෙ නෙවෙයි... මැටි වැඩ පන්තියේ මැටි ඇන්ටිත් එක්ක මැටි අන අනා... :D
අද මට ජනූ හාමිව මතක් උනා මාළුවගෙ බුල්ටො කතාව කියවලා.... මට ගොඩක් කතා මිස්වෙලා ඇති කියල හිතන් ඇවිත් බලනකොට බුල්ටොහාමිට පස්සෙ දාල තියෙන්නෙ මේකනෙ....
වස මාම පස්සෙ කාලෙක එහෙන් ගියා මියුරුවො...
Deleteමැටි ඇන්ටි කිව්වම මතක් වුණේ අපේ මල්ලිල එයාලගෙ මැටි වැඩ මිස්ට කිව්වෙත් මැටි මිස් කියල...
ස්තූතියි මේ පැත්තෙ ආවට
ඉඳල හිටල හිතක් හිතුණාම නෙ මේක ලියන්නෙ...
ජනූ නැන්දී.....
ReplyDeleteතව කථාවක් කියන්නකෝ.....
ජනූ නැන්දී.....
ReplyDeleteතව කථාවක් කියන්නකෝ......
ඔන්න ඕකනෙ බොලාට කිසිම සිල්පයක් පිහිටන්නෙ නැත්තෙ...ගුරු ගහුරවේ කියන එක නෑ එක මංචාඩි අලුක්කාලක්වත්...ඉතිං කොහොමද කොරන්නෙ?..:) :)
ReplyDeleteආ!!! මොකද්ද මේ බ්ලොග් එක?? කොහොමද මගේ බ්ලොග් රෝලට ආවේ ඈ??? කවුද ලියන්නේ මේක ඈ???? :P
ReplyDelete