Thursday, April 28, 2011

ජනූව බලන්ඩ ආවෙ කවුද????

ගොඩාක් දවසකිං ජනූ ළමය කතාවක් කියන්ඩයි යන්නෙ....
කට්ටියට ජනු ළමයව අමතක වෙලත් ඇති නේද දැං???
මේක ජනූ ළමය ම්..... පහ වසරෙදි  විතර වෙච්ච වැඩක්...
ජනූ ළමය පුංචි කාලෙම එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ කිරි අම්ම දිවියලෝකෙ ගියානෙ...
රෑට නිදාගත්තෙත් කිරිඅම්ම ලඟ හිංද  ජනූ ළමයට හරීම දුකයි, පාලුයි...

අම්මෙ  දැං මං රෑට දොයියන්නෙ කා එක්කලද??
දැං ඉතිං හැන්දෑවට මල් පූජ කරන්නෙ කා එක්කද??

මතක් වෙන ගානෙ ජනූ අම්මගෙං ඇහුව...
අම්ම කිව්ව ජනූට මල්ලි බබා ලඟින් දොයියන්ඩ කියල.
හවසට මල් කඩාගෙන ඇවිත් කිරිඅම්ම කියල දීපු ගාත කියල බුදුන් වැඳල එයාට පින් දෙන්ඩ කියලත් අම්ම කිව්ව
ඉතිං ජනූ පුරුදු වුණා මල් කඩාගෙන ඇවිල්ල  තනියම බුදුන් වඳින්ඩ පුරුදු වුණා.
දැන් ගෙදර ගිය දවසක ඇරෙන්ඩ මල් පූජ කරන්නෙ නැති වුණාට මේ සිද්දිය වෙච්ච කාලෙ නං ජනූ ළමය හැමදාම හවසට බුදුන් වඳිනව...ගෙදර ඉස්සරහ හිටවල තිබුණ කහ පාට, තැඹිලි පාට දාස්පෙති මල්,  ලා රෝස පාටට පිපෙන ලොකුම ලොකු රෝස මල්, හෙන්දිරික්ක මල්, එක එක ජාතියෙ මල් ජනූලගෙ මිදුලෙ තිබුණ. ඉතිං එයා එක එක මෝස්තරේට මල් වට්ටිය හැදුව...
එක දවසක කහපාට දාස්පෙති එවුමයි, කැඹිලිපාට දාස්පෙති රවුමයි මැද්දෙ රෝස මලුයි,
තව දවසක කහ තැඹිලි දාස්පෙති මල් කලවමට...
ඒත් ජනූ ආසම කරපු මල් ගහක් තිබුණ ජනූගෙ වත්ත පහල කෝපි කැලේ ලඟ

ඒ මොනවද දන්නවද???
වතුසුද්ද මල්
වතු සුද්ද මල් කියන්නෙ කිරි ඉද්ද මලට වඩා ටිකක් ලොකු මලක්...
ඔයාල දැකල තියෙනවද දන්නෙ නෑ
හැබැයි වතු සුද්ද ගහ නං  කිරි ඉද්ද ගහ තරං ලොකුවට හැදෙන්නෙ නෑ..
අපේ වතුසුද්ද ගහ තිබුණෙ  කෝපි කැලේ ට කලින් පාර පැත්තට වෙන්ඩ තියෙන ලොකු වෙරලු ගහ යට පස් ගොඩැල්ල ලඟ...ජනූගෙ තාත්ත කිව්වෙ එතන ඉස්සර තාත්ත ඉස්කෝලෙ යන කාලෙ මැටි ගෙදරක් තිබුණලු... පස්සෙ කාලෙක ගෙදර පොලවට කඩාන වැටිල පස් ගොඩැල්ලක් ඉතුරු වුණාලු...
වතු සුද්ද මල හරිම ලස්සනයි...
කිරි සුදු පාටයි...පොඩි වැහි ඇල්ලක් වැටුනම ගහේ කොළ වැහෙන්ඩ මල් පිරෙනව
මල් වට්ටිය වැහෙන්ඩ සුදු පාට මල් කඩල පුජ කරන්ඩ ජනූ හරිම ආසයි...
ඔන්න මේ කතාවෙ තියෙන සිද්දිය වෙච්ච දවසෙත් ජනූ ලගෙ වත්ත පහල වතු සුද්ද ගහෙන් එකයි මල්!!!
ඉතං ජනූ මොකද කළේ මල් වට්ටියත් අරගෙන ගිහින් සින්දුවකුත් කියාගෙනම වතුසුද්ද මල් කඩල වට්ටියෙ අතුරන්ඩ පටන් ගත්ත
මල් පිබිදී ගෙන එන්නේ!!!
මද මද හිමිදිරි යාමේ!!!!
පුෂ්!!!!!!!!!!!!!!!!!!!!!!

මල්.... අහලිං ඇහිච්ච සද්දෙකට පොඩ්ඩක් විපරම් කරපු ජනූගෙ සින්දුව පොඩ්ඩක් නැවතුනා...
පිබිදීගෙන.... වටයක් කැරකිලා බැලුව...
එන්නේ!!!! ... හතර වටේම බැලුවට කවුරුත් නෑ වගේ....

ජනූ ආයෙත් මල් කඩන්න පටන් ගත්ත ( වතු සුද්ද මල් හරිද???)
 මෙන්න බලාගන්ඩලා


පුෂ්......................! පුෂ්!!!!!!!!!!!!!!!!!!!
ඒ පාර ටිකක් සද්දෙන්ම ඇහුණ... ජනූ කෝකටත් අඩියක් දෙකක් පස්සට ගියා.
පුෂ්!!!!!!! ඒ පාර සද්දෙ ඇහුණෙ එයාගෙ කකුල් ලඟින්මයි
ජනූ බිම බැලුව...

අයියෝ තාත්තේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

දැකපු බිහිසුණු දර්ශනයෙන් හොඳටම කලබල වෙච්ච ජනූ බෙරිහන් දුන්න.මල් වට්ටිය විසි වුණා..
කබර පැටියේක්!!!!!!!!!!!!!!!!!!!
මට කන්ඩ හදනෝ!!!!!!!!!!!!!!!!!
ජනූගෙ පය පාමුල ඉඳල පෑගෙන්නෙ නැතිව අනූ නවයෙන් බේරුණ කබර පැටියෙක් වගේ සතා ඉස්සරහට පැන පැන ජනූව හපන්ඩ හදනව....

අනේ ඉක්මනට එන්ඩකෝ!!!
තාත්තේ!!!

මොකද බොල මේ කෑ ගහන්නෙ???
ඈත ඉඳල තාත්තගෙ සද්දෙ ඇහුණ

අනේ තාත්තෙ කබර පැටියෙක් මට කන්ඩ හදනව
අනේ උගෙ පිටේ කටු කටුත් තියෙනවහොම්බත් දිගම දිගයි...
දතුත් ගොඩා..............ක් තියෙනව
මූ මාව කාල දාවි  අනේ තාත්තේ!!!!!!!!!!!!!

මොකද මේකිට වෙලා තියෙන්නෙ මේ...???බෙරිහන් දෙන්නෙ??
තාත්ත එන බව දැනුණම නං  යාන්තං ජනූ සද්දෙ නැවැත්තුව..
සතාටත් වැඩේ තේරුණා... දැන් එයත් බලන් ඉන්නව ඊලඟට ජනූ මොතද කරන්ඩ යන්නෙ කියල
ඈ...............!

 ජනූගෙ ඔලුව ඇතුලෙ එක පාරටම විදුලියක් තෙටුව...
කබරයින්ගෙ පිටේ කටු නෑ නෙ..
ඇරත් හොම්බ දිග දත් උල්වට තියෙන්නෙ නෑ නෙ???
දෙයියනේ මූ කිඹූලෙක් නේද???
තාත්තේ!!!!!!!!!!!!!!!!!!
අනේ ඉක්මනට එන්ඩෝ!!!!!!!!!!!!
කිඹුලේක්... කිඹුලේක්
මූ කිඹුලෙක්!!!!

මේ කෑ ගැහිල්ලට කිඹුලටත් තරහ ගියා ඒ විතරක්යැ පැන පැන බල්ලෙක් වගේ ජනූට හපන්න හැදුව
දැන් ජනූ දන්න වෙට්ටු දාල කිඹූලගෙන් බේරෙන්ඩ හදනව
මේ කෙල්ලෙ බේගල් නොකිය හිටු... කලිං කබර පැටිය ඒ පාර කිඹූලෙක් වුණේ කොහොමද??
ඔන්න තාත්තත් ඇවිත්
අප්පට සිරි... මූ කිඹුල් පැටියෙක් නේන්නං... මෙහෙ කොහෙද කිඹූල්ලු??
ඒකනෙ තාත්තට කිව්වෙ මම
මූ කිඹුලෙක් කියල තාත්තනෙ පිලි ගත්තෙ නැත්තෙ
මේ කයිවාරුව තියල ගිහින් අරන් එනව පෝර කවරෙකුයි මද්දක් හදන්ඩ ලණුවකුයි

ජනූ දිව්ව.. කියපු දේවල් අරන් ආව
තාත්ත ලණූ මද්දක් හදල  පැය බාගයක් විතර මහන්සි වෙලා කිඹුලව අල්ලන්ඩ හැදුවත් බැරි වුණා...
අන්තිමට කිඹුල් පැටියටම එපා වෙලා ඌ මද්ද ඇතුලට ඔලුව දැම්ම
තාත්ත පටස් ගාල ඌව අල්ලල පෝර කවරෙට දාගත්ත
හපොයි දෙයියනේ විනාඩි පහක් ගියේ නෑ... මුලු ගමම අපේ ගෙදර මිදුලෙ කිඹූල් පැටියව බලන්ඩ

තාත්තෙ මූට කන්ඩ දෙන්නෙ මොනවද අපි???
කිඹුලගෙ ප්‍රදර්ශන අයිතිය සින්නක්කර පවරගෙන හිටපු මල්ලි  බබා ඇහුව..

බත් දෙමු..
කිඹුලයි මායි කන බත්...!
නෑ හාල්මැස්සො දෙමු....
නෑ නෑ...........ඌට දෙන්ඩ ඕනෙ මස් නෙ
එකී මෙකී නොකී ගොඩක් ජාති දැම්මත් කිඹූල් පැටිය නෙවෙයි කටේ තිබ්බෙ...
දැන් අපි මූට දාන නම මොකද්ද තාත්තෙ?
මල්ලි බබාගෙ කල්පනාව කිඹුලව ගෙදර තියාගන්ඩ වගේ එයාගෙ ප්‍රොක්ටර් සහ ගැම්බල් පූසො දෙන්න වගේ
මම ක්‍රවුන් ෆීල්ඩ් හොටෙල් එකට කතා කළා.. එයාල ලඟ දැනටමත් කිඹුලො ගොඩක් ඉන්නවලු... ඒත් ගේන්න කියල කිව්ව.. සේරමල සූ එකට දෙන කතාවකුත් කිව්ව...
අනේ අම්මෙ කිඹුල් පැටියව එහෙට දෙන්ඩ එපා.. එයාලගෙ ටැංකිවල කිඹුලො ගොඩාක් ඉන්නව ඒ ගොල්ලො අපේ කිඹුල් පැටියව කයි.. ඒ මල්ලි බබා...
දැන් ජනූට හරි තරහයි...
කිඹුල් පැටියව ඉස්සෙල්ලම දැක්කෙ කවුද??
ජනූ නෙ...
ඒ කියන්නෙ කිඹුල් පැටිය ආවෙ කාව බලන්ඩද??
ජනූව බලන්ඩනෙ..
දැන් මේ කට්ටිය එයාගෙන් අහන්නෙවත් නැතුව කිඹුල් පැටියව එහාට මෙහාට දෙන්ඩ කතාව..!!
දුවේ .. ආං අර කවුද කට්ටියක් ඇවිත් කතා කරනව... කිඹුල් පැටිය ගැනයි අහන්නෙ...
ආ මොකද මේ කට්ටිය??? මොකද්ද උවමනාව??
මේ... මහත්තය අපි සර්කස් එකක් කරන කට්ටියක්.  
අපි ලඟ හිටිය කිඹුල් පැටියෙක් අපේ රිලා පැටියත් එක්ක සෙල්ලං කරන කිඹුල් පැටිය
ඉතිං....??
පහු ගිය දවසක අපි නාරම්මල සර්කස් එක ඉවර වෙලා මේ පාරෙන් ගියා ගිහින් බලන කොට කිඹුල් පැටිය නෑ....අපි නොහෙව්ව තැනක් නැති තරං!!
එහෙම හොයන කොට තමයි මහත්තය අපිට ආරංචි වුණේ මෙහෙ කිඹුල් පැටියෙක් ඉන්නවයි කියල
ඒකයි බලන්ඩ ආවෙ.. ඒ අපේ කිඹුල් පැටිය වෙන්ඩ පුලුවන්..
ම්..... තාත්ත බර කල්පනාවක.....
හ්ම්.. දැං ඔය නැති වුණා කියන කිඹුල් පැටිය සර්කස් කිඹුල් පැටියෙක් කිව්වනෙ.. එහෙනං මොනව හරි විශේෂ දේවල් ඇතිනෙ අඳුන ගන්ඩ...?
ඔවු මහත්තය විස්ල් කලාම ඌ ලඟට එනව...!!
මල්ලි බබයි ජනූයි ඇස් දෙක උඩ තියාගෙන!!
ඈ .... ඒ මෙයාලගෙ කිඹුල් පැටියද???
ආ පොඩ්ඩක් ඉමුකො එහෙනං බලන්ඩ...
අම්මයි තාත්තයි දෙන්න පොඩ්ඩක් ඇතුලට ගිහින් කතා කලා...
ආයෙමත් එළියට ඇවිත්
ආන්න අර ලිඳ ලඟට ගිහින් විසිල් කරන්ඩ කො එහෙනං කිව්ව
එක සර්කස් මාම කෙනෙක් තාලෙට විසිල් කලා තාත්ත ලිඳ ට ටිකක් එහායින් තිබුණු බැරල් බාගෙ ලගට ගියා..
ජනූයි මලයයිත් පස්සෙන් දිව්ව!!!
මෙන්න බොලේ  කිඹුල් පැටිය විසිල් සද්දෙට එයාව දාල හිටපු වතුර බැරල් එක පුරා ම දඟලන්ඩ පටන් ගත්ත!!
තාත්ත බැරල් එක ඇල කරල වතුර ටික හැලුව.. කිඹුල් පැටිය බැරල් එකෙන් එළියට ඇවිත් විසිල් මාම හොයාගෙන ගියා...
තමං හම්බකරගෙන කන සතා නේද?? උංගෙ පරිස්සමත් බලන්ඩ ඕනෙ නෙ..
මීට පස්සෙවත් ඔය සත්තුන්ට හොඳට කන්ඩ බොන්ඩ දීල බලාගන්නවල.. දැං එය සතා පාරෙ ඉඳල වාහනේකට එහෙම අහු වුණා නං මොකද වෙන්නෙ?
මෙහෙම කියල තාත්ත සර්කස් මාමලට කිඹුල් පැටියව ගෙනියන්ඩ අවසර දුන්න!!!
ශහ්!!! මම දැනගෙන හිටියෙ නෑනෙ කිඹුල් පැටියට විසිල් කරාම ලඟට එන්න දන්නව කියල!!
මල්ලි බබා  කිව්ව!!
අම්මටයි තාත්තටයි දෙන්නම  ඒ කතාව අහපු වෙලාවෙ නං හිනාව නවත්තගන්ඩ බැරි වුණා!!!
ජනූ ට නං හරි දුක හිතුන..
ඔන්න ඕක තමයි ජනූව බලන්ඩ ආව කිඹුල් පැටියගෙ කතාව!!
මේ පහළ ඉන්නෙ ජනූගෙ ගෙදර ආව කිඹුල් පැටිය







කෝ දැං කියන්ඩ බලන්ඩ ඔයාලව බලන්ඩ ආවෙ කවුද???


  





 මේ පින්තූර ජනූට හම්බ වුණේ මෙන්න මෙතනින්
moviebase.schokolade.tv
mcjimleather.com

22 comments:

  1. maru katawak.bt api balanna nam kauruth ehema wisesayen awith ne.:D

    ReplyDelete
  2. අලේ අපිව බලන්න නම් ගොඩක් ඇයෝ ආවා.... ඒත් අක්කේ...

    //කබර පැටියේක්!!!!!!!!!!!!!!!!!!!
    මට කන්ඩ හදනෝ!!!!!!!!!!!///

    කෑම හදන්න දන්​න එකෙක් වත් ආවේ නෑනේ.... බලන්නකෝ කිඹුලා අක්කට කෑමත් හදලා දෙන්න හදලා.... සුවර් එකට සර්කස් එකේ කෝකිවැඩේ කරන එකෙක්...

    හික් මොනාද දන්නේ නෑ හදපු කෑම... වැලිතලපද? හැලපද? පිට්ටුද....?

    :P

    ReplyDelete
  3. මාව බලන්නද? කිඹුලියෝ, දෙන්නෙක්ම ආවා. එකෙක් නං හැල කිඹුලියෙක් ,කොච්චෝරවත් පැන පැන මාව කන්නමයි සූජානම.

    ReplyDelete
  4. @ පිෂ් මලයා: ඔයා ඉතිං දන්නෙ මොකක් හරි වචනෙක ඇදක් හොයාගන්ඩ තමයි.. මට ඉස්සර කැම්පස් එකේ යාලුවොත් හිනාවෙනව
    “මට මදුරුවො කනව“ කිව්වම.. මට කනව නෙවෙයි.. මාව කනව කියපං කියල.... මං නං සැලෙයි ඒවට

    ReplyDelete
  5. @ D.G.M බස්සා: මේ හොර බස්සද ඇත්ත බස්සද???

    ReplyDelete
  6. @ Helping To People : ස්තූතියි ආවට...

    ReplyDelete
  7. කිබුලා කකුල කෑවනම් තමා වැඩේ බලන්න තිබ්බේ. කබරගොයා නම් ලිද වටකරගෙන ඉන්නවා මිසක් කකුල් කන්නේ නෑනේ.

    ReplyDelete
  8. @ මධුරංග: කකුල කන්නෙ දියබරියනෙ.. අපේ කිඹුල් පැටිය එහෙම කලේ නෑ.... අපරාදෙ එයාව අර අපේ වත්ත පහළ පතහට දාල හදා ගන්ඩ තිබුණ.... කෝ ඒත් අර සර්කස් මාමල ආවනෙ හොයාගෙන...

    ReplyDelete
  9. මේ ඔරිජිනල් එකා. ඒ හොර කොටියගෙ ප්‍රොෆයිල් එක හංගලා නෙව තියෙන්නෙ. අනේ පිං ඇති නෝනේ, ලිඳ ලඟ සංගමයෙදි කටේ කෙළ පොදක් හලනව එහෙම නෙමෙයි අර "කිඹුල්" කතාව ගැන. මාව හපලම කාවි අපෙ නෝනේ.

    ReplyDelete
  10. ඒක නෙමෙයි අපෙ නෝනේ. මේ දාගෙන තියෙන පිංතූරෙ හරිම ලස්සනයි නොවැ. අර වී කරල් පොටෝ අල්ලපු කැමරාවෙන්මද ගත්තෙ? බැරිද ඔය අපෙත් පොටෝ කෑල්ලක් අල්ලලා දෙන්න?

    ReplyDelete
  11. ජනූ අක්කේ... දියබරියා කියන්නේ මොකැයි...?

    ReplyDelete
  12. @ D.G.M බස්සා: නෑ නෑ මං කෙල පොදක් හෙලන්නෙ නෑ ... වචන ටිකකිං ඕක කරන්ඩ පුලුවං එකේ කෙල ගහන්නෙ පිස්සුවටයැ???
    වීකරල් ගත්ත කැමරාවෙං නෙවේ බකුසු අයියෙ මේක ගත්තෙ මගෙ ජංගමයගෙ කැමරාවෙං....
    http://www.gsmarena.com/nokia_6220_classic-2256.php
    අල්ලල දෙන්නංකො...ඔය බකුසු මූණෙ පොටෝ එකක්.. අර කොස්ගහේ නෙව වහල ඉන්නෙ නේද???

    ReplyDelete
  13. @ පිෂ් මලයා: දියබරිය කියන්නෙ සර්පයෙකුට... මගෙ හිතේ දිය නයා කියන්නෙත් ඌටම තමයි

    ReplyDelete
  14. කිබුලෙක් කිව්වමයි මට මතක් උනේ. දවසක් වෙසක් එකට ලොකු හට් එකක් ගහලා ඒකේ ලොකු බෝඩ් ලෑල්ලක "මිනිස්සු කන කිබුලෙක්" කියලා ලියලා තිබ්බා. කට්ටිය පොදි කකා බලනවා. මාත් කිට්ටු වෙලා බැලුවා.

    බැලින් නම් ලොකු පෙට්ටියක් ඇතුලේ තමා කිබුලව දාලා තිබ්බේ. උඩින් තමයි බලන්නත් දුන්නේ. උඩින් බලපුවාම පෙට්ටිය ඇතුලේ ඉන්න කිබුලා බනිස් ගෙඩිය හොදට පේනවා.හරි නේ මිනිස්සු කන කිබුලෙක් නේ.

    ReplyDelete
  15. ඉතිං හරිනෙ මල්ලි.... මිනිස්සු කනව නේන්නං බනිස් කිඹුලන්ව හි හි... ඒකත් හරියට අර පිෂ් මලය කියන්නෙ... මේ කිඹුල් පැටිය මට කන්ඩ හදල දෙනව කියල ඒ වගේ එකක් තමා!!!!!!!!

    ReplyDelete
  16. අයියෝ ජනූ බබා ගාව අර ටීවි එකේ කාජල් නැන්දා කිඹුල් නයිදෙට විසි කරන ජාතියෙ ටොපියක් හෙම තිබ්බනං කිඹුල් පැටියා ආයි සර්කස් මාමලා එක්ක යනවා බොරු!!!

    ReplyDelete
  17. @ කවිකාරි අක්ක: තිබුණෙ නෑ නෙ අක්කෙ වෙලාවට..
    හැබැයි එක අතකට සර්කස් මාමලටම ආපහු එයාව හම්බ වුණ එක හොඳයි.. පස්සෙ කාලෙක අර හෝටලේ හිටපු කිඹුලන්ට මොනව වුණාද කියල නැති වුණා...

    ReplyDelete
  18. ආයෙම කිඹුලෙක් කන්ඩ ආවොත් මොනවැයි දන්නවයි කොරන්න ඕන? ඔන්න හොඳට මතක තියා ගනිං නඟේ, බැහැපං ගිහිල්ල කොහිල වලකට, අද්දුටුවයි සත්තයි, අප කර දුන් ගුරුකමක් වැරදුනේ නැත. හරි නොගියොත් මුදල් ආපසු.......හෙහ්, හෙහ්,

    ReplyDelete
  19. හොඳ වෙලාවට කිඹුල් පැටියෙක් අවේ, නයි පැටියෙක් එන්නේ නැතිව.
    හැබෑටම අක්කේ මමත් නාරම්මල නේ හික් හික්. මනා ඔයාව දන්නවද කොහද. මං නම් මේ බ්ලොග් කලාවට අළුත් අද තමයි මේක කියවන්නේ.

    ReplyDelete
  20. රවී අයිය: එතකොට හරිද??
    අනේ ඇත්තට අපිටත් හම්බවුණානෙව මේවගෙ අයියල...!!
    වාසනාවං වා......සනාවං!!!!

    ReplyDelete
  21. සිතිවිලි සුන්දරයි: ආ.....ඔයා මාව දන්නවද??? සන්තෝසයි දැනගන්න ලැබුණට ඔයාවත්
    ලස්සන කවි ලියන නංගියෙක් නෙ....

    ReplyDelete
  22. ඒක වෙන්නෙ මෙහෙමනෙ බං, කොහිල වලට බැස්ස කියල නෑ, කිඹුල කන එක කනව,ඒත් ඒ අව් අස්සෙ කොහිල කටුත් ඇනෙන නිසා උඹට කිඹුල කන එක ඉවසං ඉන්ඩ පුලුවන් වෙනව. දන්නවනෙ " කිඹුල කනව ඉවසියෑකි, කොහිල කටු ඇනෙන එකයි ඉවසන්ට බැරි " කියල තියෙන්නෙ ඔන්න ඔය වගෙ අවස්තාවලට තමයි.

    ReplyDelete